• Increase font size
  • Default font size
  • Decrease font size

2015-08-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මොරගහකන්ද - කළුගඟ කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘතියට ඉඩම් අත් කරගැනීම නිසා බලපෑමට ලක්වන පවුල්, නැවත පදිංචි කිරීම - ව්‍යාපෘතිය ප්‍රමාදවීම හේතු කොට ගෙන පවුල් ප්‍රමාණය වැඩි වීම, ප්‍රතිලාභ සංශෝධනය ඇතුළු විකල්ප යෝජනා සඳහා අනුමැතිය ලබා ගැනීම

- මොරගහකන්ද - කළුගඟ කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘතිය 2008 දී ආරම්භ කළ අතර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 12 ක පවුල් 1,747 ක්ද ලග්ගල පල්ලෙගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 11 ක පවුල් 907 ක්ද බලපෑමට ලක් වන පවුල් වශයෙන් හඳුනා ගන්නා ලදී. එහෙත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වසර 8 කින් ප්‍රමාදයට ලක් වීම හේතුවෙන් පහත සඳහන් ගැටලු මතු වී ඇත.

* බලපෑමට ලක්වන පවුල්වල අලුතින් විවාහයන් සිදුවීම මත පවුල් 224 ක් අලුතින් බලපෑමට ලක් වූ පවුල් ලෙස එම සංඛ්‍යාවට එකතුවීම;

* අලුතින් එකතු වූ පවුල්, ප්‍රදේශය අතහැර මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචියට යාමට අකමැත්ත පළ කිරීම;

* 2007 වසරේදී මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචියට යාමට කැමැත්ත පළ කළ පවුල් 345 ක් එම ප්‍රදේශයේ පදිංචියට යාමට අකමැත්ත පළ කිරීම;

* වැඩි වූ පවුල් ඒකක සංඛ්‍යාවට සහ මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචියට යාමට අකැමත්ත පළ කර ඇති පවුල් සඳහා විකල්ප ඉඩම් ලබා දීමට සිදු වීම;

ඉහත සඳහන් ගැටලුවලට පිළියම් වශයෙන් අදාළ ප්‍රදේශයේ සහ තදාසන්න ප්‍රදේශවල රජයේ වැවිලි සමාගම්වලට අයත් හඳුන‍ාගත් ඉඩම් ප්‍රමාණයක් පවරා ගෙන ඉහත ව්‍යාපෘතිය යටතේ බලපෑමට ලක්වන පවුල්වලට ලබා දීමටත්, එම පවුල්වලට අයත් ඉඩම් සඳහා වන්දි ලබා දීමටත්, විකල්ප ඉඩම්වල නිවාස ඉඳි කර ගැනීම සඳහා සහාය ලබා දීමටත්, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.