• Increase font size
  • Default font size
  • Decrease font size

2015-08-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහල් නිවාස යටිතල පහසුකම් නවීකරණය

- කොළඹ නගරයේ මහල් නිවාස යටිතල පහසුකම් නවීකරණ වැඩසටහන යටතේ පවුල් 1,700 ක් පමණ පදිංචි පහත දැක්වෙන නිවාස ව්‍යාපෘති 13 හි පොදු මාර්ග සහ වැසි ජල කාණු පද්ධති රුපියල් මිලියන 143.29 ක වියදමකින් අලුත්වැඩියා කිරීම පිණිස නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

බෝලමේසවත්ත නිවාස ක්‍රමය
වේළුවනාරාම නිවාස ක්‍රමය
ඇල්විටිගල නිවාස ක්‍රමය
මල්ලිකාරාම නිවාස ක්‍රමය
සෙන්ට්‍රල් පාර නිවාස ක්‍රමය
කම්මල්වත්ත නිවාස ක්‍රමය
ජුම්මා මස්ජීඩ් නිවාස ක්‍රමය
දිසානායක වත්ත නිවාස ක්‍රමය
අලුත් මාවත නිවාස ක්‍රමය
ඩයස් පෙදෙස නිවාස ක්‍රමය
බ්ලූමැන්ඩල් නිවාස ක්‍රමය
ශාන්ත ජේම්ස් වීදිය නිවාස ක්‍රමය
* අලුත් කඩේ නිවාස ක්‍රමය