• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ක්‍රියාකාරිත්වය පිළිබඳ වර්තමාන තත්ත්වය

- පසුගිය රජය සමයේ පත් කරන ලද අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ කොමසාරිස්වරුන් එම කොමිෂන් සභාවේ කටයුතු නියමාකාරයෙන් පවත්වාගෙන යාම පිණිස අවශ්‍ය මඟපෙන්වීම හා සහයෝගය ලබා නොදීම හේතුවෙන් පැන නැඟී ඇති තත්ත්වය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස යොමු කරන ලදී. සභාපතිවරයාගේ සහ කොමසාරිස්වරුන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් එම කොමිෂන් සභාවේ කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බැවින් විමර්ශන කටයුතු අවසන් කර ඇති පැමිණිලි විශාල සංඛ්‍යාවකට අදාළව නීත්‍යනුකූල පියවර ගැනීමට අපහසු වී ඇති බවද අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු විය.