• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ත්‍රිවිධ හමුදාවන්හි විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම

- 2006 වර්ෂයට පෙර විශ්‍රාම ලැබූවන්ගේ විශ්‍රාම වැටුප් විෂමතාව ඉවත් කරමින් රාජ්‍ය සේවය සඳහා 2006‑01‑01 දින සිට ක්‍රියාත්මක වැටුප් ව්‍යුහය මත විශ්‍රාම වැටුප් ගැළපීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් 2015‑06‑10 අනුමැතිය ලබා දෙන ලද අතර, ඒ අනුව අංක 16/2015 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය නිකුත් කර ඇත. ඒ අනුව, ත්‍රිවිධ හමුදාවන්හි සේවය කර 2006 වර්ෂයට පෙර විශ්‍රාම ලැබූවන්ගේ විශ්‍රාම වැටුපද සංශෝධනය කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.