• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කළුතර මහ රෝහල විශේෂිත මාතෘ හා ළමා රෝහලක් ලෙස සංවර්ධනය කිරීම - මූල්‍යයනය කිරීම උදෙසා නෙදර්ලන්ත සහාය ලබාගැනීම

- 2015‑07‑08 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කළුතර මහරෝහල විශේෂිත මාතෘ හා ළමා රෝහලක් ලෙස සංවර්ධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලද අතර, ඒ සඳහා අවශ්‍ය යුරෝ මිලියන 28.7 ක මුදල් පහසුකමක් ලබාගැනීම පිණිස ශ්‍රී ලංකා රජ‍ය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය විසින් නෙදර්ලන්තයේ රාබෝ බැංකුව සමඟ සහ ශ්‍රී ලංකාවේ හැටන් නැෂනල් බැංකුව සමඟ ගිවිසුම් දෙකකට එළඹීමට නියමිත බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ තොරතුරු අනුව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.