• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2016 වර්ෂය වෙනුවෙන් නොමිලේ බෙදා හැරීමට අවශ්‍ය පාසල් පෙළපොත් මුද්‍රණය කිරීම

- අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ මූලික කාර්යභාරය වනුයේ දිවයිනේ සියලුම පාසල් සිසුන් හා පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සඳහා අවශ්‍ය පෙළපොත් මුද්‍රණය කර නියමිත කාලයට නොමිලේ බෙදා හැරීමයි. මේ සඳහා නියමිත පොත් වර්ග 410 න් වර්ග 80 කින් පිටපත් 13,210,600 ක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවෙන්, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් සහ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමෙන් මුද්‍රණය කරවා ගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති අතර, අදාළ මුද්‍රණ ඇණවුම් එම ආයතන වෙත දැනටමත් යොමු කර ඇත. මේ වසර තුළ තවදුරටත් පෙළපොත් වර්ග 330 කින් පිටපත් 30,862,500 ක ප්‍රමාණයක් පෞද්ගලික අංශයේ මුද්‍රණායතනවලින් මුද්‍රණය කරවා ගත යුතුව ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, 2016 වර්ෂය වෙනුවෙන් පාසල්වලට බෙදා හැරීමට නියමිත පාසල් පෙළපොත් 2015‑12‑03 දිනට පෙර පාසල්වලට බෙදා හැරීමට හැකි වන සේ පොත් වර්ග 330 කින් පිටපත් 30,862,500 ක ප්‍රමාණයක් පෞද්ගලික අංශයේ මුද්‍රණායතන 19 කින් මුද්‍රණය කරවා ගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.