• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
භාණ්ඩාගාර ඇපකරයක් සහිතව දේශීය බැංකු වෙතින් ලබාගත් අරමුදල් මඟින් ලග්ගල නව නගර සහ විල්ගමුව ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

- නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ලග්ගල නවනගර ජල සම්පාදන ව්‍යාපෘතිය සහ විල්ගමුව ජල සම්පාදන ව්‍යාපෘතිය 2017 වර්ෂයේදී නිම කිරීමට අපේක්ෂිතය. එම ව්‍යාපෘති දෙක ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය අරමුදල් දේශීය බැංකු වෙතින් ලබාගැනීම සඳහා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත බලය පැවරීම පිණිස ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘති කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.