• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නිතිපති දෙපාර්තමේන්තුව සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම

- වර්තමාන ගොඩනැඟිල්ලේ පවතින ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව සඳහා නව සත් මහල් ගොඩනැඟිල්ලක් උපරිමාධිකරණ සංකීර්ණ භූමියේම ඉදි කිරීමේ කටයුතු දැනට අරඹා ඇත. එහි පාදම සකස් කිරීමේ (Piling) කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත ප්‍රදානය කිරීම පිණිස අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.