• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඕස්ට්‍රේලියානු මූල්‍යාධාර මත ශ්‍රී ලංකාවේ රෝහල් සඳහා සායනික අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති ස්ථාපනය කිරීම සඳහා වූ ව්‍යාපෘතිය

- නොයෙකුත් ආසාදිත ද්‍රව්‍යයන් සහිත සායනික අපද්‍රව්‍ය මහජන සෞඛ්‍යයට හානිකර නොවන ලෙස නිසි පරිදි බැහැර කිරීමේ කළමනාකරණය ක්‍රමවේදයක් නොමැති වීම ශ්‍රී ලංකාවේ රෝහල් මුහුණපාන ඉතාම බරපතළ ගැටලුවක් වේ. ඒ අනුව රජයේ රෝහල් සඳහා සායනික අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ විධිමත් ක්‍රමවේදයක් ඕස්ට්‍රේලියානු ණය ආධාර යටතේ ස්ථාපිත කිරීම පිණිස වූ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. එම ව්‍යාපෘති යෝජනාව සමාලෝචනය කොට වාර්තා කිරීම පිණිස පත් කරන ලද කමිටුව හා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින් නිර්දේශ කර ඇති පරිදි මෙවැනි ව්‍යාපෘතියක ඇති ප්‍රමුඛ වැදගත්කම සලකා විෂය පථය සුදුසු පරිදි වෙනස් කිරීමට යටත්ව ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.