• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ද සොයිසා කාන්තා රෝහලේ නව ළදරු ඒකකයේ ඉතිරි වැඩ නිම කිරීම

- සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන කොළඹ, කින්සි පාරේ පිහිටි ද සොයිසා කාන්තා රෝහල දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් පැමිණෙන රෝගී තත්ත්වය අතින් සංකූලතා බහුල ගර්භණී මවුවරුන් වෙනුවෙන් ඉමහත් සේවයක් සිදු කරනු ලැබේ. මෙම රෝහල පවත්වාගෙන යනු ලබන ගොඩනැඟිලි ඉතා පැරණි වන අතර ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැතිවීම ගුණාත්මක සේවාවක් සැපයීමට බාධාවක්ව පවතී. මීට වසර 10 කට පෙර ඉදි කිරීම අරඹා අදාළ කොන්ත්‍රාත්කරු විසින් වැඩ පැහැර හැරීම හේතුවෙන් දැනට වැඩ නතර වී ඇති රෝහලේ නොමේරූ ළදරු ඒකකය ඇතුළත් නව ළදරු ඒකකය ඉදි කිරීමේ වැඩකටයුතු කඩිනමින් නිම කිරීම පිණිස එම කාර්යය රුපියල් මිලියන 325.4 ක වියදමින් සැලසුම් කර ඉදි කිරීමේ පදනම යටතේ ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පැවරීම සඳහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.