• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය බැංකු විසින් අරමුදල් සපයනු ලබන ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම - ගලගෙදර සහ මාවතගම ජලසම්පාදන ව්‍යාපෘතිය

- දැනටමත් කොන්ත්‍රාත් ප්‍රදානය කර ඇති ඉහත ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් මුදල සමාලෝචනය කිරීම පිණිස අමාත්‍යාංශය විසින් පත් කරන ලද සමාලෝචන කමිටුව හා අදාළ කොන්ත්‍රාත්කරු අතර පවත්වන ලද සාකච්ඡාවේදී රුපියල් මිලියන 21 ක එකවර ලබා දෙනු ලබන වට්ටමක් ලබා දීම පිණිස කොන්ත්‍රාත්කරු එකඟ වී ඇත. ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ අනුමැතියද මෙයට ලැබී ඇති අතර මෙම ව්‍යාපෘතියේ කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.