• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියා පැසිෆික් ධීවර කොමිසමේ (APFIC) 34 වන සැසිවාරය හා එම කොමිසමේ 6 වන කලාපීය විද්වත් සංසදය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම

- ආසියා පැසිෆික් ධීවර කොමිසම (APFIC), සිය සාමාජික රටවල අරමුණු හා ගැළපෙන පරිදි ධීවර කර්මාන්තයේ පිරිසැකසුම් හා අලෙවිකරණ ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීම මඟින් සහ සංවර්ධන හා කළමනාකරණ උපායමාර්ග මඟින් ආසියා පැසිෆික් කලාපයේ තිබෙන ජලජ සම්පත් පූර්ණ වශයෙන් සහ නිසි ලෙස පරිහරණය කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය යටතේ ස්ථාපිත කර ඇති කලාපීය ධීවර සංවිධානයකි. එම කොමිසමේ 6 වන කලාපීය විද්වත් සංසදය 2016 පෙබරවාරි මස 08 වන දින සිට 11 වන දින දක්වාත්, එහි 34 වන සැසි වාරය 2016 පෙබරවාරි මස 12 වන දින සිට 14 වන දින දක්වාත් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට හා ඒ සඳහා ශ්‍රී ලංකා රජය විසින් සත්කාරක පහසුකම් සැපයීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.