• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2014 ජාත්‍යන්තර කම්කරු සංවිධාන‍යේ 29 වෙනි සම්මුතිය සඳහා මූල ලේඛය හා නිර්දේශ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරිම

- ශ්‍රී ලංකාව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) සාමාජික රටකි. ඒ අනුව, 2014 වර්ෂයේ පැවැත්වුණු ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ 103 වන සැසි වාරයේදී සම්මත කර ගන්නා ලද 29 වන සම්මුතිය සඳහා වන මූල ලේඛය (Protocol to Convention), එනම් බලහත්කාරයෙන් ශ්‍රමය ලබාගැනීම පිළිබඳ සම්මුතිය සඳහා වන මූල ලේඛය සහ 203 වන නිර්දේශය (Recommendation 203), එනම් බලහත්කාරයෙන් ශ්‍රමය ලබාගැනීම ඵලදායී ලෙස මර්දනය කිරිම සඳහා වන පරිපූරක පියවරයන් පිළිබඳ නිර්දේශය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස කම්කරු අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.