• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල නැවත පදිංචි කළ පවුල් සඳහා නොමිලේ ගෘහස්ථ විදුලි පහසුකම් ලබා දීම

- ගැටුම්කාරී වාතාවරණයෙන් අවතැන් වූ උතුරු හා නැඟෙනහිර පළාත්වල සියලුම පවුල් නැවත පදිංචි කිරීම සඳහා රජය විසින් අවශ්‍ය පියවර අඛණ්ඩව ගනිමින් සිටියි. මේ වන විට එලෙස නැවත පදිංචි කර ඇති පවුල් සංඛ්‍යාව 232,828 ක් වන අතර, එම පවුල්වලට අයත් සාමාජිකයින් සංඛ්‍යාව 796,342 කි. එම පවුල් සඳහා විදුලිය, ජලය හා සනීපාරක්ෂක පහසුකම් ආදිය සැපයීම රජයේ වගකීමකි. ඒ අනුව, උතුරු පළාතේ නැවත පදිංචි කළ පවුල් 20,000 ක් සඳහා නොමිලේ විදුලි සම්බන්ධතා ලබා දීමටත්, 2015 වර්ෂයේදී නැවත පදිංචි කළ පවුල් 5,000 ක් සඳහා ගෘහස්ථ විදුලි සම්බන්ධතා ලබා දීම සඳහා රුපියල් මිලියන 105 ක අතිරේක ප්‍රතිපාදන ලබාගැනීමටත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා සහ නැවත පදිංචි කිරිම, ප්‍රතිසංස්කරණ හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.