• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලිබල ව්‍යාපෘතිය

- බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලිබලාගාරය අඹගමුව කෝරළයේ සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක තුළ පිහිටි කිතුල්ගල ප්‍රදේශයේ ඉදි කරනු ලබන අතර, එමඟින් අපේක්ෂිත ධාරිතාව මෙගාවොට් 35 කි. එම ජල විදුලිබලාගාරය ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති උත්පාදනයේ එක් වැදගත් සන්ධිස්ථානයක් වන අතර, එය මෙරට ඉදි කරනු ලබන මධ්‍යම පරිමාණයේ ජල විදුලිබලාගාර කිහිපයෙන් එකකි. මෙම බලාගාරයේ ඉදි කිරීම් සඳහා අවශ්‍ය අරමුදල් පහසුකම් චීනයේ කර්මාන්ත හා වාණිජ බැංකුව (ICBC) වෙතින් ලබා ගෙන ඇති අතර, එම පහසුකමෙහි රක්ෂණාවරණය චීන අපනයන හා ණය රක්ෂණ සංස්ථාව (SINOSURE) විසින් සපයා ඇත. එම රක්ෂණ ආයතනය අදාළ ණය පහසුකමෙහි ඒකාබද්ධ හිමිකරුවකු වශයෙන් පිළිගැනීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.