• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විසල් පොළොන්නරුව නගර සංවර්ධන ව්‍යාපෘතිය

- පොළොන්නරු නගරය සහ එහි ප්‍රධාන නාගරික මධ්‍යස්ථාන වශයෙන් සැලකෙන පොළොන්නරුව, කදුරුවෙල හා නව නගරය පිළිවෙළින් ජාතික උරුම නගරය, වාණිජ නගරය හා පරිපාලන නගරය වශයෙන් වේගයෙන් දියුණු වෙමින් පවතියි. එම නගරය දිනකට 80,000 කට වඩා ජනතාවකගේ අවශ්‍යතා සපුරා ලන බවත්, එම සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වර්ධනය වන බවත් නිරීක්ෂණය වී ඇත. රථවාහන තදබදය, රථවාහන නවතා තැබීමේ ගැටලුව, පාරිසරික ගැටලු ආදී ගැටලු විසඳාගනිමින් ප්‍රධාන නගරයක් (Metro City) ලෙස පොළොන්නරුව නගරය සංවර්ධනය කිරීම පිණිස සකස් කරන ලද නගර සංවර්ධන සැලැස්ම හා අනුගතව නාගරික සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවීමට නාගරික සංවර්ධන අධිකාරිය යෝජනා කර ඇත. ඒ අනුව, වාණිජ සංවර්ධනය, උරුම සංරක්ෂණය හා සංචාරක ප්‍රවර්ධනය, පාරිසරික හා භුමි අලංකරණය ආදී ක්ෂේත්‍රයන්ට අදාළ ව්‍යාපෘති රැසකින් සමන්විත විසල් පොළොන්නරු නගර සංවර්ධන ව්‍යාපෘතිය රුපියල් මිලියන 16,650 ක ඇස්තමේන්තුගත පිරිවැයකින්, ප්‍රමුඛතා පදනම මත ක්‍රියාත්මක කිරීම පිණිස නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.