• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොදු රාජ්‍ය මණ්ඩලයීය තක්සේරු ආයතන ප්‍රධානීන්ගේ සමුළුව කොළඹ දී පැවැත්වීම

- පොදු රාජ්‍ය මණ්ඩලයීය තක්සේරු ආයතන ප්‍රධානීන්ගේ සමුළුව (Commonwealth Heads of Valuation Agencies – CHOVA) සාමාජික රටවල් අතර දේපළවලට අදාළ භාවිතයන්, අයිතීන්, සංවර්ධනය හා තාක්සේරුකරණය යන පුළුල් ක්ෂේත්‍රයන්හි දැනුම හා අදහස් හුවමාරු කරගැනීමේ අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව වාර්ෂිකව පවත්වනු ලබන්නකි. එම සමුළුව මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල නියෝජිතයින් 100 ක ගේ පමණ සහභාගිත්වයෙන් එළඹෙන ඔක්තෝබර් මාසයේදී කොළඹදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු සංවිධානය කිරීම පිණිස මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.