• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය ණය ගැනීම් පිළිබඳ තොරතුරු

- 2015 වර්ෂයේ ජූලි මාසය ආරම්භ වන විට පැවති රාජ්‍ය ණය තත්ත්වය පිළිබඳව මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ පහත සඳහන් තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී. 2015‑07‑03 දිනට නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය පහත සඳහන් පරිදි වේ:

ණය වර්ගය රුපියල් මිලියන
භාණ්ඩාගාර බැඳුම්කර 3,629,903.46
භාණ්ඩාගාර බිල්පත් 796,031.36
රුපියල් ණය 28,151.40
ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර 529,388.66
විදේශ ව්‍යවහාර මුදල් බැංකු ඒකක මඟින් ලබාගත් ණය 20,040.00
ශ්‍රී ලංකා මහ බැංකු අත්තිකාරම් 152,941.47
බැංකු අයිරාව 122,309.52
වෙනත් (ශුද්ධ තැන්පතු) 34,947.57
දේශීය ණය 5,313,713.44
විදේශ ණය 2,646,225.95
සමස්ත ණය 7,959,939.39