• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නේපාලයේ ඇති වූ භූමි කම්පාවෙන් හානියට පත් වූ ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම

- අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දෙන ලද අනුමැතිය පරිදි, නේපාලයේ මෑතදී සිදු වූ දරුණු භුමි කම්පාවෙන් හානියට පත් වූ ස්වායම්බුනාත්හි ආනන්ද කුටි බෞද්ධ විහාරස්ථානයත්, ලලිට්පූර්හි රතෝමචින්ද්‍රනාත් හින්දු කෝවිලත් ප්‍රතිසංස්කරණය සඳහා තෝරා ගෙන ඇත. ඒ අනුව, එම ප්‍රතිසංස්කරණ කටයුතු සැලසුම් කිරීම සඳහා අදාළ නිලධාරින්ගෙන් සහ තාක්ෂණ ශිල්පීන්ගෙන් සමන්විත කණ්ඩායමක් නේපාලය වෙත යැවීමටත්, අදාළ ඉදි කිරීම් කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාව වෙත පැවරීමටත්, එම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 345 ක ප්‍රතිපාදන බුද්ධශාසන අමාත්‍යාංශය වෙත වෙන් කර දීමටත් බුද්ධශාසන අමාත්‍ය කරු ජයසූරිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.