• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා රේගුව සඳහා බහාලුම් පරික්ෂණ පද්ධතියක් (Container Scanning System) ස්ථාපිත කිරීම
- දිනකට ආනයන බහාලුම් 1100 ක් පමණ ශ්‍රී ලංකා රේගුව මඟින් මුදා හැරීමට අදාළ කටයුතු සිදු කරන අතර එම බහාලුම් අතුරින් අහඹු ලෙස තෝරාගත් 10% - 15% ප්‍රමාණයක් පමණක් දෙපාර්තමේන්තුව සතු ස්කෑන් යන්ත්‍ර මඟින් එක්ස් කිරණ(x -ray)පරීක්ෂණයට ලක් කරනු ලබයි. දැනට දෙපාර්තමේන්තුව සතු ස්කෑන් යන්ත්‍ර වසර 8 ක් පමණ පැරැණි අතර නිරතුරුව අලුත්වැඩියා කළ යුතුව ඇත. මුදල් ඇමැතිතුමා විසින් 2015 වර්ෂය සඳහා අයවැය යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුවේ කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිව නවීන තාක්ෂණයෙන් යුත් බහාලුම් පරික්ෂණ පද්ධතියක් (Container Scanning System) ස්ථාපිත කිරීමට යෝජනා කෙරිණි. ඒ අනුව, මෙම කාර්යය සඳහා අවශ්‍ය මානව සම්පත්, උපකරණ සඳහා වන පිරිවැය හා ඒවායේ නඩත්තුව යන කරුණු සැලකිල්ලට ගෙන රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සහභාගිත්වය ඇතිව ශ්‍රී ලංකා රේගුව සඳහා නවීන බහාලුම් පරික්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීම පිණිස මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.