• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොහොර ප්‍රසම්පාදනය කිරීම - 2015 (අගෝස්තු/සැප්තැම්බර් මැද බෙදා හැරීම)
- පොහොර සහනාධාර වැඩසටහන මඟින් සහනාධාර මිලක් යටතේ ගොවීන්ට පොහොර ලබාදීමේ වැඩසටහන කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති සී/ස ලංකා පොහොර සමාගම (ලක් පොහොර) සහ සී/ස කොළඹ කොමර්ෂල් පොහොර සමාගම (කොමර්ෂල් පොහොර) විසින් ඉටු කරනු ලබයි. ටෙන්ඩර් ප්‍රදානයට අදාළව අභියාචනා ඉදිරිපත් වී නොමැති බවද සැලකිල්ලට ගනිමින්, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි 2015 අගෝස්තු/සැප්තැම්බර් මැද බෙදා හැරීම සඳහා පොහොර සැපයීමට අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කරන ලදී.