• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මධ්‍යම අධිවේගී මාර්ගය
- මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටස වශයෙන් කඩවත සිට මීරිගම දක්වා මාර්ගය ඉදි කිරීමට නියමිතය. එම කොටසේ කඩවත සිට කොස්සින්න දක්වා කිලෝමීටර 5 ක් වන මාර්ගය, පිටත වටරවුම් මාර්ගයේ තුන්වන කොටසේ කොන්ත්‍රාත්කරු සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඉතිරි කර ගනු ලැබූ අරමුදල්වලින් ඉදි කරනු ලබන අතර, අදාළ කොන්ත්‍රාත්කරු විසින් එහි මූලික වැඩ කටයුතු දැනටමත් ආරම්භ කරනු ලැබ ඇත. ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ තීරණය අනුව මුදල් අමාත්‍යාංශය විසින් පත් කරන ලද සාකච්ඡා කමිටුවල නිර්දේශය පරිදි එම මාර්ගයේ කොස්සින්න සිට මීරිගම දක්වා කිලෝමීටර 32.55 ක් වන කොටස සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.