• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මඩකළපුව ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු මධ්‍යස්ථානයක් ඉදි කිරීම
- ශ්‍රී ලංකා රජයේ හා ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත රජයේ ‘ෆවුන්ඩේෂන් සපෝටින් අ නැෂනල් ට්‍රෝමා සර්විස් ඉන් ශ්‍රී ලංකා’ ආයතනයේ අරමුදල් යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය මඟින් නැගෙනහිර පළාතේ ඉහළ යමින් පවතින හදිසි අනතුරු ප්‍රතිකාර සේවා සඳහා ඇඳන් 100ක පහසුකම් සහිත ශල්‍යාගාර 06 කින් සහ දැඩි සත්කාර ඒකකවලින් සමන්විත තෙමහල් හදිසි අනතුරු සංකීර්ණයක් මඩකළපුව රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත කෙරෙන අතර එමඟින් ශික්ෂණ රෝහලේ තත්ත්වය හා ගුණාත්මකභාවය ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතියේ හදිසි අවශ්‍යතාව සැලකිල්ලට ගෙන එහි ඉදි කිරීම් කටයුතු පිළිබඳ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 807ක ඇස්තමේන්තුගත මුදලකට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පැවරීම පිණිස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.