• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය බැංකු අරමුදල් යොදවා ප්‍ර‍මුඛතා ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම - මැදිරිගිරිය ජලසම්පාදන ව්‍යාපෘතිය - II අදියර
- ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලබා දී ඇති අතර ඒ අනුව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අදාළ කොන්ත්‍රාත්කරු සමඟ ගිවිසුම් අත්සන් කර ඇත. මෙම ව්‍යාපෘතිය මඟින් නව ජල සම්බන්ධතා 15,000 ක් ලබා දීමට අපේක්ෂිත අතර ඉදිරි කාලය තුළ අලුතින් ජල සම්බන්ධතා 400,000 ක් ලබා දීමේ රජයේ ඉලක්කය සපුරාලීම පිණිස ඉන් දායකත්වය ලැබෙනු ඇත. ඒ අනුව, මැදිරිගිරිය ජලසම්පාදන ව්‍යාපෘතිය II අදියර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.