• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය සඳහා දෙමහල් නේවාසිකාගාරයක් ඉදි කිරීම
- 2007 අංක 26 දරන පනත මඟින් ස්ථාපිත කරනු ලැබ ඇති ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය (NILET) කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්තෙහි පිහිටා ඇති අතර රාජ්‍ය භාෂා ප්‍ර‍තිපත්තිය කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම පිණිස රජයේ නිලධාරින්ගේ, ගුරුවරුන්ගේ සහ භාෂා ඉගෙනීමට කැමැත්තක් දක්වන තැනැත්තන්ගේ ද්විභාෂා හා ත්‍රෛභාෂා හැකියාව වර්ධනය කිරීම එහි කාර්යභාරය වන අතර ඒ යටතේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට දක්ෂ ගුරුවරුන් බිහි කිරීම, භාෂා හා භාෂණ පරිවර්තකයින් පුහුණු කිරීම, රජයේ නිලධාරින්ට භාෂා පුහුණුව ලබාදීම හා රජය පිළිගත් භාෂා පුහුණු පාඨමාලා පැවැත්වීම සිදු කෙරේ. විශේෂයෙන් දැනට සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් හා වෙනත් දීප ව්‍යාප්ත සේවාවන්හි නිලධාරින් සඳහා පවත්වනු ලබන දෙවන රාජ්‍ය භාෂා නේවාසික පුහුණු වැඩසටහන් හෙද නිලධාරින්, ආරක්ෂක අංශ නිලධාරින් වෙනුවෙන්ද පවත්වන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් වී ඇති අතර නේවාසික පහසුකම් සීමා සහිත වීම නේවාසික පුහුණු අවස්ථා වැඩි කිරීමට බාධාවක්ව ඇත. ඒ අනුව දැනට තිබෙන නේවාසික පහසුකම්වලට අමතරව තවත් 90 දෙනෙකු සඳහා නේවාසික පහසුකම් සැලසිය හැකි නේවාසිකාගාරයක් රුපියල් මිලියන 98.8 ක වියදමින් අගලවත්තෙහි පිහිටි ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතන පරිශ්‍රයෙහි ඉදි කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.