• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බන්ධනාගාර පරිපාලන නව පනත
- වර්තමානයේ බලාත්මකව පවතින බන්ධනාගාර ආඥාපනත 1877 වර්ෂයේදී පනවනු ලැබූවක් වන අතර, බන්ධනාගාර පරිපාලනය සම්බන්ධයෙන් එහි ඇතුළත් විධිවිධාන වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් සකස් කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. ඒ අනුව, මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රමීතින් යටතේ පවත්නා හොඳම පරිචයන් අධ්‍යයනය කොට නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පත් කරන ලද , හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගරු හෙක්ටර් යාපා මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුත් විද්වත් කමිටුවක නිර්දේශ පරිදි බන්ධනාගාර පරිපාලන නව පනතක් කෙටුම්පත් කිරීම පිණිස අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.