• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අපවත් වි වදාළ දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති සිරිධම්මරක්ඛිත වංසාලංකාර අනුවජ්ජක මල්දෙනියේ ජිනාලංකාර නායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීම
- අපවත් වී වදාළ අමරපුර මහානිකායේ ශ්‍රී ධර්මරක්ෂිත පාර්ශ්වයේ සම්මාන නායක, උතුරු-නැගෙනහිර, තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක, දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති, දිඹුලාගල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති සිරිධම්මරක්ඛිත වංසාලංකාර අනුවජ්ජක මල්දෙනියේ ජිනාලංකාර නායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් දිඹුලාගලදී පැවැත්වීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝශප් මයිකල් පෙර්රා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.