• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සායන ගොඩනැඟිල්ල දීර්ඝ කිරීම (II අදියර) - මහ රෝහල, කළුතර
- දිවයිනේ ප්‍රධාන පෙළේ රෝහලක් වන කළුතර මහ රෝහලේ දැනට පවතින ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම, එහි දෛනික සායන සේවා හා රෝගී සත්කාරක සේවාවන් පවත්වාගෙන යාමට සහ පුළුල් කිරීමට බාධාවක් වී ඇත. එබැවින් රෝගීන්ට උසස් මට්ටමේ සෞඛ්‍ය සේවාවක් සැපයීම පිණිස කළුතර මහ රෝහලේ සායන ගොඩනැඟිල්ල තවදුරටත් වැඩිදියුණු කිරීම පිණිස වූ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම සඳහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.