• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාපනය ශික්ෂණ රෝහලේ නව හෙද නේවාසිකාගාරයක් ඉදි කිරීම
- මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පාලනය කෙරෙන, උතුරු පළාතේ පිහිටි ප්‍රධානතම රෝහල වන යාපනය ශීක්ෂණ රෝහල උතුරු පළාතේ ජනතාව වෙනුවෙන් සියලුම අංශ වලින් සමන්විත රෝගී සත්කාරක සේවාවක් පවත්වාගෙන යනු ලබයි. 1750 ක් වන එම රෝහලේ කාර්ය මණ්ඩලය අතුරින් 407 දෙනෙකු හෙද නිලධාරින්/නිලධාරිනියන් වන අතර ඔවුන් සඳහා ප්‍රමාණවත් තරම් නේවාසිකාගාර පහසුකම් සැපයීමට නොහැකි වීම ගැටලු රාශියකට හේතු වී තිබේ. මීට පිළියමක් වශයෙන් රෝහල් භූමියේ ඉදි කරන ලද තෙමහල් ගොඩනැඟිල්ලේ කොටසක් හෙද නේවාසිකාගාරයක් බවට පරිවර්තනය කිරීම පිණිස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.