• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සපුගස්කන්ද විදුලි බලාගාරය සඳහා 2015/2016 වර්ෂයට අවශ්‍ය ලිහිසිතෙල් (Lubricating Oil) මිල දී ගැනීම
- මෙගා වොට් 18 ජනක යන්ත්‍ර 04 කින් හා මෙගා වොට් 10 ජනක යන්ත්‍ර 08 කින් සමන්විත ලංකා විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද තාප විදුලි බලාගාරයේ 2015/2016 වර්ෂයේ ලිහිසි තෙල් අවශ්‍යතාව ලීටර් මිලියන 1.1 බවට ගණන් බලා තිබේ. මෙම ලිහිසි තෙල් ප්‍රමාණය සපයා ගැනීම පිණිස දිවයින තුළ සිටින සුදුසුකම් ලැබූ ලිහිසි තෙල් නිෂ්පාදකයින් වෙතින් මිල ගණන් කැඳවනු ලැබ ඇති අතර අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය අනුව ලිහිසි තෙල් සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.