• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කාන්තාවන්ට එරෙහි සියලුම ආකාරයේ වෙනස් කොට සැලකීම් පිටුදැකීම පිළිබඳ සම්මුතියේ 20(1) ව්‍යවස්ථාව සංශෝධනය කිරීම
- කාන්තාවන්ට එරෙහි සියලුම ආකාරයේ වෙනස් කොට සැලකීම් පිටුදැකීම පිළිබඳ සම්මුතිය (CEDAW) එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය විසින් 1979 වර්ෂයේදී සම්මත කරගනු ලැබූ අතර, ශ්‍රී ලංකාව විසින් එම සම්මුතිය 1981 වර්ෂයේදී අපරානුමත කරන ලදී. එම සම්මුතිය මඟින් කාන්තාවන්ට එරෙහි සියලුම ආකාරයේ වෙනස් කොට සැලකීම් පිටු දකින අතර කාන්තාවන් හා පුරුෂයන් අතර සමානාත්මතාව තහවුරු කිරීම සඳහා පදනමක් සපයයි. කාන්තාවන්ට එරෙහි සියලුම ආකාරයේ වෙනස් කොට සැලකීම් පිටුදැකීම පිළිබඳ එක්සත් ජාතින්ගේ කමිටුවේ ඉල්ලීම පරිදි එම සම්මුතියේ 20 (1) ව්‍යවස්ථාව, එනම් අවශ්‍ය වන පරිදි වාර්ෂික රැස්වීම් පැවැත්වීමට ඉඩ සැලසෙන පරිදි කරන ලද සංශෝධනය ශ්‍රී ලංකා රජය විසින් විධිමත් ලෙස පිළිගැනීම සම්බන්ධයෙන් කාන්තා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිතුමිය ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.