• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නිවර්තන කලාපීය පලතුරු සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ 6 වන සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීම -
- ‘නිවර්තන පලතුරු සඳහා වූ ජාත්‍යන්තර ජාලය ‘ නැමති සංවිධානය එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අනුග්‍රහය මත සැකසුනු කලාපීය සංවර්ධන ජාලයක් වන අතර එහි සාමාජිකත්වය දරන රටවල් ගණන 13 කි. ශ්‍රී ලංකාවේ පලතුරු පරිභෝජන මට්ටම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත මට්ටමට වඩා ඉතා අඩු අගයක් ගන්නා බැවින් පලතුරු භෝග ප්‍රවර්ධනයේදී ජාත්‍යන්තර වශයෙන් තාක්ෂණය හුවමාරු කරගැනීම සඳහා ජාත්‍යන්තර සංවිධාන සමඟ සහයෝගය ගොඩනගා ගැනීම කාලීන අවශ්‍යතාවකි. මෙම ජාත්‍යන්තර ජාලයේ ප්‍රධාන අරමුණු අතර ජාන ප්ලාස්ම සංරක්ෂණය හා පර්යේෂණ කටයුතු, ජාත්‍යන්තර වෙළඳම ව්‍යාප්ත කිරීම සඳහා පහසුකරණය, මානව සම්පත් සංරක්ෂණය, පෝෂණ අගය පිළිබඳ පාරිභෝගික දැනුම වැඩි කිරීම වේ. මෙම සංවිධානයේ 06 වන මහ සමුළුව 2015 අගෝස්තු මස 03 දින සිට 06 දින දක්වා කොළඹදී පැවැත්වීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.