• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු ඵලදායීතා සංවිධානය සමඟ 2015 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන ජාත්‍යන්තර පුහුණු වැඩමුළුව
- ආසියානු ඵලදායීතා සංවිධානය ජපානය මූලික කරගනිමින් 1961 වසරේ දී පිහිටුවා ගන්නා ලද්දේ එහි සාමාජික රටවල කාර්මික හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඵලදායීතාව ඉහළ නැංවීම පිණිස වන අතර ශ්‍රී ලංකාව ඇතුළු ආසියා සහ පැසිෆික් කලාපයේ රටවල් 20 ක් එම සංගමයේ සාමාජිකත්වය ලබා ඇත. සාමාජික රටක් වශයෙන් ශ්‍රී ලංකාවද ඊට අදාළ සම්මුතිවලට අත්සන් තබා ඇත. 2014 නොවැම්බර් මාසයේ පිලිපීනයේ පැවති ආසියානු ඵලදායීතා සංවිධානයේ ප්‍රධානීන්ගේ රැස්වීමේදී තීරණය කළ පරිදි ‘කෘෂිකාර්මික නිෂ්පාදනවල ඵලදායීතාව වර්ධනය කරගැනීම සඳහා අගය එකතු කිරීම’ යන තේමාව ඔස්සේ කෘෂිකාර්මික පුහුණු වැඩමුළුවක් 2015 සැප්තැම්බර් 07 සිට 13 දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වීමටත්, සත්කාරක රට වශයෙන් අදාළ සංවිධාන කටයුතු සිදු කිරීමටත් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.