• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ ඉදි කරන ලද ඇඳන් 200 කින් සමන්විත නව වාට්ටු සංකීර්ණය සඳහා වෛද්‍ය උපකරණ හා ලී බඩු ලබාදීම

- වව්නියාව දිස්ත්‍රික්කයේ සහ ඒ අවට දිස්ත්‍රික්කවලින් පැමිණෙන ජනතාව වෙත තෘතියීයක සෞඛ්‍ය සේවා සපයන එම ප්‍රදේශයේ පිහිටි එකම රෝහල වව්නියාව දිස්ත්‍රික් මහ රෝහල වේ. එම රෝහල උතුරු පළාත් සභාව යටතේ පාලනය වන අතර එය 2009 වර්ෂයේ සිට සංවර්ධනය කෙරෙමින් පවතියි. දැනට එම රෝහලේ විකලාංග ප්‍රතිකාර ඒකකය සීටී ස්කෑන් ඒකකය සහ මුඛ, හණුක සහ මුහුණු ප්‍රතිකාර ඒකකය ආදී නව ඒකක ස්ථාපනය කර ඇත. මෙම රෝහලේ ඒකක දෙක බැඟින් වෛද්‍ය හා ළමා ප්‍රතිකාර ඒකක සහිත ඇඳන් 200 කින් සමන්විත වාට්ටු සංකීර්ණයක් ඉන්දියානු රජයේ සහාය මත ඉදි කර ඇති අතර එම වාට්ටු සංකීර්ණය සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ හා ලී බඩු ප්‍රදානයක් වශයෙන් ලබා දීමට ඉන්දීය රජය කැමැත්ත ප්‍රකාශ කර ඇත. එම උපකරණ හා ලී බඩුවල වටිනාකම රුපියල් මිලියන 109.5 ක් පමණ වන අතර එකී ප්‍රදානය ලබාගැනීම පිණිස ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.