• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික රුධිර පාරවිලයන සේවා පනත
- ජාතික රුධිර පාරවිලයන සේවාව ඉතා පුළුල් ක්ෂේත්‍රයක් වන අතර මූලික සෛල නිෂ්පාදනය, පරිත්‍යාග කිරීම සහ බද්ධ කිරීම එම අංශය යටතේ වර්ධනය වන ක්ෂේත්‍රයක් වශයෙන් හඳුනාගෙන ඇත. ඒ අනුව, වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන අන්දමින් ජාතික රුධිර පාරවිලයන සේවා පනත සංශෝධනය කිරීම පිණිස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.