• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ වරායේ බත්තලක් මත පිහිටුවා ඇති සීමාසහිත (Colombo Power) පෞද්ගලික සමාගමට අයත් මෙ.වො. 60 ක ධාරිතාවයකින් යුතු විදුලිබලාගාරය ලංකා විදුලිබල මණ්ඩලය වෙත අත්පත් කර ගැනීම
- සීමාසහිත (Colombo Power) පෞද්ගලික සමාගමට අයත් මෙ.වො. 60 ක ධාරිතාවයකින් යුතු විදුලිබලාගාරයක් කොළඹ වරායේ බත්තලක් මත පිහිටුවා ඇති අතර එම විදුලිබලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා එම ආයතනය හා ලංකා විදුලිබල මණ්ඩලය අතර පවතින ගිවිසුම 2015-06-30 දිනෙන් අවසන් වී ඇත. අදාළ ගිවිසුමේ විධිවිධාන පරිදි එම බලාගාරයේ අයිතිය ජපන් යෙන් මිලියන 571 ක් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 641 ක් පමණ)ගෙවා ලංකා විදුලිබල මණ්ඩලයට පවරා ගැනීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.