• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බත්තරමුල්ලේ පිහිටි ඉඩම් කොටසක් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත වෙන් කර දීම
- නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ පවත්වාගෙන ගිය මාර්ග සංවර්ධන අධිකාරියට අයත් කාර්යාලය පිහිටි ඉඩම එම ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා පවරා ගැනීම හේතුවෙන් ඒ වෙනුවට නාගරික සංවර්ධන අධිකාරියට අයත් බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි අක්කර 1½ ක් පමණ වූ ඉඩම් කොටසක්, බදු පදනම යටතේ වසර 50 කට කාලයකට මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ලබා දීම පිණිස නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.