• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාපනය - කිලිනොච්චිය ජලසම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘතිය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා අතිරේක අරමුදල් අවශ්‍යතාව
- යාපනය - කිලිනොච්චිය ජලසම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘතිය සඳහා වූ පළමු සැලැස්ම යටතේ ඉරණමඩු ජලාශයෙන් ප්‍රමාණවත් ජලය ලබාගැනීමට ඇති වූ අපහසුතා හේතුවෙන් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත. ඒ අනුව, අදාළ ප්‍රදේශයේ භූගත ජල ප්‍රභවයන්ගෙන් ලබා ගත හැකි ජලය සහ මුහුදු ජලය පිරිසිදු කොට සපයා ගන්නා ජලය භාවිත කර මෙම ජල සම්පාදන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගැනීම පිණිස ආසියානු සංවර්ධන බැංකුව සමඟද එම ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත සනීපාරක්ෂක ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම පිණිස ප්‍රංශයේ AFD ආයතනය සමඟද සාකච්ඡා පැවැත්වීම පිණිස නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.