• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අමු තේ දලු කිලෝවක් සඳහා රු. 80/- ක සහතික මිලක් පවත්වාගෙන යාම
- රජයේ දින 100 වැඩසටහන යටතේ ආරම්භ කරන ලද කුඩා තේ වතු හිමියන් විසින් නිෂ්පාදනය කරනු ලබන අමු තේ දලු කිලෝවක් සඳහා රු. 80/- සහතික මිලක් ලබා දීමේ වැඩසටහන මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින අතර එය මේ වසරේ අගෝස්තු මාසය දක්වා ක්‍රියාත්මක කිරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.