• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා රජය සඳහා ජාතික දත්ත මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම
- පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, මැතිවරණ දෙපාර්තමේන්තුව, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වැනි මහජනතාවට ඉතා සමීපව සේවාවන් සපයන ආයතන විසින් වෙන වෙනම විශාල දත්ත ප්‍රමාණයක් පවත්වා ගෙන යන අතර ඒ සඳහා සැලකිය යුතු වියදමක්ද දරනු ලබයි. රජයේ ක්‍රියාදාම හා කාර්යය කටයුතු තවදුරටත් ස්වයංක්‍රීය කිරීම සහ ඊ-සේවා පිහිටුවීම මඟින් පුරවැසියන්ට වඩා වැඩි පහසුකම් මත සේවා සැපයීමට හැකි වන පරිදි රජයේ ආයතන විසින් වෙන වෙනම පවත්වා ගෙන යනු ලබන සියලුම දත්ත එක් මධ්‍යස්ථානයක් මඟින් ආරක්ෂිතව පවත්වා ගෙන යාමට හැකි වන පරිදි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ මෙහෙයවීම මත ක්‍රියාත්මක වන ජාතික දත්ත මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.