• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2015 යල කන්නය තුළ වී මිල දී ගැනීමේ වැඩසටහන
- 2015 යල කන්නය තුළ වී අලෙවි මණ්ඩලය විසින් සෘජුවම ගොවි ජනතාවගෙන් වී මිල දී ගැනීමට අපේක්ෂිත අතර ඒ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය අදාළ දිස්ත්‍රික්කවල දිසාපතිවරුන්, ප්‍රාදේශිය ලේකම්වරුන් හා ග්‍රාමීය මට්ටමේ නිලධාරින් විසින් කරනු ඇත. 2015 යල කන්නයේදීද ‘කීරි සම්බා’ සහ ‘සම්බා’ වර්ගවල වී සඳහා කිලෝ ග්‍රෑමයක් රුපියල් 50/- බැගින් ද නාඩු වර්ගයේ වී කිලෝ ග්‍රෑමයක් රුපියල් 45/- බැගින්ද මිලදී ගැනීම පිණිස අවශ්‍ය කටයුතු කිරීම සඳහා ආහාර සුරක්ෂිතතාව අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

එසේම, ඉහත සඳහන් 2015 යල කන්නයේ වී මිල දී ගැනීමේ වැඩසටහන නියමිත පරිදි සිදු කෙරෙන බවට තහවුරු කරගැනීම සඳහා සහ එකී වැඩසටහන අධීක්ෂණය කිරීම පිණිස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සහ අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.