• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජගිරිය,ගණේමුල්ල සහ පොල්ගහවෙල ගුවන් පාලම් ඉදි කිරීම සඳහා වූ ව්‍යාපෘතිය
- කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මාර්ග තදබදය අවම කිරීමේ අරමුණින් වානේ ගුවන් පාලම් ඉදි කිරීම ඇතුළු විවිධ සංවර්ධන වැඩසටහන් රැසක් ජාතික මාර්ග පද්ධතියේ සංවර්ධනය වෙනුවෙන් රජය විසින් ක්‍රියාවට නැංවීමට අපේක්ෂිතය. ඒ අනුව, රාජගිරිය මංසන්ධියේ මංතීරු හතරකින් යුත් ගුවන් පාලමක් ඉදි කිරීමටත්, ඊට අමතරව නිරන්තරයෙන් සිදු වන දුම්රිය ගේට්ටු වැසීම හේතුවෙන් ඇති වන දැඩි වාහන තදබදය අවම කිරීම සඳහා ගණේමුල්ල සහ පොල්ගහවෙල දුම්රිය හරස් මාර්ගයන්ට ඉහළින් මංතීරු දෙකකින් යුත් ගුවන් පාලම් දෙකක් ඉදි කිරීම පිණිස අවශ්‍ය අරමුදල් ලබාගැනීම සඳහා ස්පාඤ්ඤ රජය සමඟ සහ ස්පාඤයේ BBVA බැංකුව සමඟ ගිවිසුම්වලට එළඹීම පිණිස ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා,තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.