• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජපාන මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහන - 2015
- ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන්හි පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථා ලබා දීම මඟින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ විධායක මට්ටමේ නිලධාරින්ගේ නිපුණතා වර්ධනය කිරීම උදෙසා ජපාන රජය විසින් 2010 වසරේදී මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර ප්‍රදාන වැඩසටහන ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. එය 2013 වසරේදී හා 2014 වර්ෂයේදී ක්‍රියාත්මක කරන ලද අතර එමඟින් නිලධාරින් 90 දෙනකුට අධ්‍යයන අවස්ථා සැලසිණි. 2015 වර්ෂය සඳහා සුදුසුකම් ලබා ඇති කණ්ඩායම දැනටමත් තෝරා ගෙන ඇති අතර ඔවුන්ගේ අධ්‍යයන කටයුතු මෙම වර්ෂයේ සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ වේ. ඒ අනුව, ඔවුන්ට පහසුකම් සැලසීම සඳහා ජපන් යෙන් මිලියන 226 (ආසන්න වශයෙන් රුපියල් මිලියන 245)ක ප්‍රදානයක් ලබා දීමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) එකඟතාව ලබා දී ඇති අතර ඒ සඳහා වන ප්‍රදාන ගිවිසුමට එළඹීම පිණිස ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා,තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.