• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගිරිනෝප්ස් වල්ලා (Gyrinopswalla) (වල්ලපට්ටා)ශාක විශේෂය අපනයනය විධිමත් කිරීම
- වඳවී යාමේ තර්ජනයට ලක් වී ඇති ශාකයක් ලෙස 2012 ජාතික රතු දත්ත ලේඛනය මඟින් නම් කර ඇති ගිරිනෝප්ස් වල්ලා (Gyrinopswalla) ශාක සුරැකීම පිණිස අවශ්‍ය පියවර දැඩි සේ බලාත්මක කරන අතරම වාණිජමය කාර්යයන් උදෙසා වවනු ලබන එකී ශාක, අදාළ බලධරයා විසින් නිකුත් කරනු ලබන අවසර පත්‍රයක් මත සන්තකයේ තබා ගැනීම සඳහා සහ ප්‍රවාහනය සඳහා අවසර ලබා දීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් වන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවි සම්පත් සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ නිලධාරින්ගේ එකඟතාව ඇතිව සකස් කරන ලද ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.