• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
‘ප්‍රශංසනීය සේවා පදක්කම’ ප්‍රදානය කිරීම සඳහා පොදු ක්‍රමවේදයක් ස්ථාපනය කිරීම
- ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරින්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ පරිදි, ත්‍රිවිධ හමුදා ස්වේච්ඡා බලසේනාවන්ගේ නිලධාරින්/සෙසු නිලයින් විසින් සිදු කරන ලද දීර්ඝ, ප්‍රසංසනීය, පක්ෂපාතී හා අනගි සේවාවන් වෙනුවෙන් ‘ප්‍රශංසනීය සේවා පදක්කම’ ප්‍රදානය කිරීම සඳහා පොදු ක්‍රමවේදයක් ස්ථාපනය කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.