• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොහොර ප්‍රසම්පාදනය කිරීම - 2015 (සැප්තැම්බර් මස බෙදා හැරීම)

- පොහොර සහනාධාර වැඩසටහන මඟින් සහනාධාර මිලක් යටතේ ගොවීන්ට පොහොර ලබාදීමේ වැඩසටහන කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති සී/ස ලංකා පොහොර සමාගම (ලක් පොහොර) සහ සී/ස කොළඹ කොමර්ෂල් පොහොර සමාගම (කොමර්ෂල් පොහොර) විසින් ඉටු කරනු ලබයි. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ අනුව 2015 සැප්තැම්බර් මාසයේ බෙදා හැරීම සඳහා පොහොර සැපයීමට අදාළ කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කරන ලදී.