• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික මත්ද්‍ර‍ව්‍ය නිවාරණ ප්‍රතිපත්තිය හා ක්‍රියාකාරී වැඩපිළිවෙළ එළිදැක්වීම

- ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල්වල ආදායමෙන් 1/3 ක් දුම්වැටි හා මද්‍යසාර සඳහා වැය කරනු ලබන බවත්, නිදහස් සෞඛ්‍ය සේවාව සඳහා රජය දරන වියදමෙන් 22% කට වඩා වැඩි ප්‍රමාණයක් දුම්වැටි හා මද්‍යසාර භාවිතය හේතුවෙන් රෝගී වූවන් වෙනුවෙන් වැය කෙරෙන බවත් සමීක්ෂණ මඟින් හෙළි වී ඇත. ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම වැඩිදියුණු කිරීමේ අරමුණින් දුම්වැටි, මද්‍යසාර හා නීති විරෝධී මත්ද්‍ර‍ව්‍ය භාවිතය ක්‍ර‍මානුකූලව අඩු කිරීමේ වැඩසටහනක් මත්ද්‍ර‍ව්‍ය නිවාරණය සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය විසින් ක්‍රියාත්මක කෙරෙමින් පවතින අතර, ඒ පිළිබඳ මහජන අවධානය යොමු කරවීම පිණිස 2015 ජූලි මස 09 දින සිට අගෝස්තු මස 08 දක්වා කාලය ‘ජාතික මත්ද්‍ර‍ව්‍ය නිවාරණ මාසය’ ලෙස ප්‍ර‍කාශයට පත් කොට මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ ජාතික මත්ද්‍ර‍ව්‍ය නිවාරණ ප්‍රතිපත්තිය හා ක්‍රියාකාරී වැඩපිළිවෙළ එළිදැක්වීම සඳහාත්, සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අර්ධ රාජ්‍ය ආයතන මඟින් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරවීම සඳහාත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.