• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මධ්‍යම අධිවේගී මාර්ගය

- මධ්‍යම අධිවේගී මාර්ගය කඩිනමින් ඉදි කර නිම කිරීම රටේ ආර්ථික සංවර්ධනයෙහි ලා ඉතා වැදගත් වෙයි. ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ නිර්දේශය පරිදි මෙම අධිවේගී මාර්ගයේ සම්පූර්ණ දිග ප්‍ර‍මාණය කොටස් හතරකට (04) බෙදා එහි ඉදි කිරීම් කටයුතු ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත.

* පළමු කොටස - කඩවත සිට මීරිගම දක්වා - චීන එක්සිම් බැංකුවෙන් සැපයෙන ණය ආධාර මත;

* දෙවන කොටස - මීරිගම සිට කුරුණෑගල දක්වා(අඹේපුස්ස සම්බන්ධතාවද ඇතුළත්ව) ආසියානු සංවර්ධන බැංකුව විසින් සපයනු ලබන ණය ආධාර මත;

* තුන් වන කොටස - පොතුහැර සිට මහනුවර දක්වා - ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) විසින් සපයනු ලබන ණය ආධාර මත;

* හතර වන කොටස - කුරුණෑගල සිට දඹුල්ල දක්වා - දේශීය බැඳුම්කර නිකුතුවක් තුළින් රැස් කෙරෙන අරමුදල් යොදා ගනිමින් දේශීය කොන්ත්‍රාත්කරුවන් මඟින්.

ඉහත පරිදි ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරීම කඩිනම් කිරීම පිණිස අවශ්‍ය ප්‍ර‍සම්පාදන කමිටු, සාකච්ඡා සම්මුති කමිටු, ණය පිළිබඳ සාකච්ඡා කමිටු ආදිය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ නිර්දේශ මත භාණ්ඩාගාරය විසින් පත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.