• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ වරායේ මෙහෙයුම් සඳහා වරාය ටග් යාත්‍රා දෙකක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට කුලී පදනම මත ලබා ගැනීම

- නාවික ක්ෂේත්‍රයේ දියුණුවත් සමඟ විශාල බහලු නෞකාවන් කොළඹ වරායට පැමිණෙන අතර ශ්‍රී ලංකා වරාය අධිකාරිය මඟින් එම නෞකාවන් සඳහා කාර්යක්ෂම ටග් සේවාවක් සපයා දීම අවශ්‍ය වේ. ඒ අනුව, කුලී පදනම මත ටග් යාත්‍රා දෙකක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ලබාගැනීම පිණිස යෝජනා කැඳවීමටත්, සාර්ථක යෝජනාවන් සලකා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කිරීමටත් වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.