• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හම්බන්තොට වරායේ පළමු අදියරේ බහුකාර්ය පර්යන්තයෙහි රෝ-රෝ මෙහෙයුම් සඳහා හවුල් ව්‍යාපාරයකට අභිප්‍රාය ප්‍රකාශ කිරීමේ ලිපි කැඳවීම

- ශ්‍රී ලංකාවට ආසන්නතම වාහන ප්‍රතිනැව්ගත කිරීමේ ප්‍රධාන සන්ධිස්ථාන දෙකක් ලෙස වර්තමානයේ ක්‍රියාත්මක වන සිංගප්පූරුව හා ඩුබායි නැව් මාර්ගයේ අතර මැද පිහිටි හම්බන්තොට වරායේ සිට නෞකාවලට නැ‍ඟෙනහිර අප්‍රිකානු රටවලට හා අනෙක් පසින් බටහිර ඕස්ට්‍රේලියාවට සෘජුවම ළඟා විය හැක. එබැවින් වාහන නිෂ්පාදනය කර ප්‍රවාහනය කරන්නන් ආකර්ශණය කර ගත හැකි වන පරිදි හඳුනාගත් නැංගුරම් සුදුසු අන්දමින් හැඩගස්වා මෙහෙයුම් හා කළමනාකරණ කටයුතු සිදු කරන්නේ නම් හම්බන‍්තොට වරාය ප්‍රතිනැව්ගත කිරීම සඳහා වන මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කිරීමට හැකියාවක් ඇති බව සැලකිල්ලට ගෙන Ro-Ro යාත්‍රා/ පර්යන්ත මෙහෙයුම්කරුවකු සමඟ ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස හම්බන්තොට අදියර 1 හි බහුකාර්යය නැංගුරම්පළ මෙහෙයවීම පිණිස උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන් අභිප්‍රාය හා ව්‍යාපාර යෝජනා කැඳවීමටත්, සාර්ථක යෝජනාවන් සලකා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කිරීමටත් වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.